ශිරාණිගේ නඩුවට විත්තියෙන් මෝසමක්


හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට චෝදනා ද නොකියවා  සාක්කි අඥා පනතද උල්ලංඝනය කරමින්  නඩු විභාගයට සැරැසෙතියි මෝසමක් මගින් අද (30) කොළඹ  ප්‍රධාන මහෙස්ත්‍රාත් උසාවියේදී කරුණු දැක්වු ජනාධීපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා කියා සිටියේ පරිගණක සාක්කි ඉදිරිපත් කිරීමට දින හතලිස් පහකට කලින් එම සාක්කි ද සමග විත්තියට දැනුම් දිය යුතු බවයි.

ඒ බව  සාක්කි ආඥා පනතේ සඳහන් වෙතත් මේ නඩුවේදී එසේ නොකරන බව පෙනෙතියි ඔහු කීවේය.

වත්කම් හෙළි නොකළැයි අල්ලස් හෝ දුෂණ කොමිසමෙන් ඇයට එරෙහිව මේ නඩුව ගොනු කැර ඇත.

පැමිණීල්ලේ නීතීඥ දිලාන් රත්නායක පැවසුයේ චෝදනා කියවා දී නැත්තම් එසේ කළ හැකි බවයි.

සාක්කි පිටපත්ද විත්තියට ලබා දෙනු ඇතැයිද   ඔහු සදහන් කළේය.

විත්තියේ මෝසම අනුව කැදැවු නඩුවේදී   චෝදනා   කියවීමට ඉඩ නොදිය හැකි බව ලද්දුවහෙට්ටි මහතා කීය.

ලද්දුවහෙට්ටි මහතා දැක්වු කරුණුවලට  විරෝධතා ඇත්නම් ලබන නොවැම්බර් 14 ට පෙර ගොනු කරන ලෙස දැන්වු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නඩුව එදිනට කල් තැබීය.

ශිරාණි බණ්ඩාරණායක මහත්මිය ද අද උසාවියට පැමිණ සිටියාය.