ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ 36-24 කින් ශා. ජෝශප් පදරවති
අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ බම්බලපිටියේදී අද (04) පැවැති තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ තරගයේ අවසන් මිනිත්තු හතේදී පෙරමුණට පැමිණෙමින් ලකුණු 36-24 ක් ලෙස මරදාන ශාන්ත ජෝශප් විදුහල පරාජය කිරීමට සමත් වූහ.තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-07 ක් ලෙස ශාන්ත ජෝශප් විදුහල පෙරමුණේ පසු විය. ජයග‍්‍රාහි ශාන්ත පීතර විදුහල ගෝල 4 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර ශාන්ත ජෝශප් විදුහලට ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 4 කින් ලකුණු එකතු විය.

