ශාන්ත පීතර අවසන් පූර්ව තරගයට එයි


වයස 20 න් පහළ පිළිමඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. පාසල් රග්බි සංගමය ‘මයිලෝ’ අනුග‍්‍රහයන් සංවිධානය කරන මෙම තරගාවලිය ‘ජනාධිපති’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන්නකි.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය වෙස්ලි විදුහල සහ ධර්මරාජ විදුහල අතර මේ මස 8 වැනිදා ද, දෙවැනි අවසන් පූර්ව තරගය ත‍්‍රිත්ව විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර මේ මස 9 වැනිදාද කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ.

කොළඹ රාජකීය විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර රාජකීය විදුහල් රග්බි පිටියේදී ඊයේ (05) පැවැති සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ දඩුවම් පහර 5-4 ක ජයක් ලැබූහ.

තරගයේ නියමිත කාලය අවසන් වන විට ලකුණු 27-27 ක් ලෙස සම තත්ත්වයෙන් පැවතීම නිසා අතිරේක විනාඩි 10 ක කාලයක් දුන්න ද එහිදීත් ලකුණු රැස්කිරීමට දෙපිලම අසමත් විය.

අනතුරුව කණ්ඩායම් දෙකටම  දඩුවම් පහර 5 ක් බැගින් දුන් අතර එහිදී ද 3-3 ක් ලෙස නැවතත් ලකුණු සම විය. පසුව දුන් දඩුවම් පහර දෙකෙන් රාජකීය විදුහල වෙතින් එකක් අසාර්ථක කරගැනීම නිසා 5-4 ක් ලෙස ශාන්ත පීතර විදුහලට ජය හිමිවිය.