ශ්‍රේෂ්ඨාධිකරණ ඉල්ලීම ඉවතට


ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 107 (3) වගන්තියට අර්ථ නිරූපනයක් දෙන තුරු දෝෂාභියෝග යෝජනාව විභාගය කල් තැබීම සලකා බලන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය කළ ඉල්ලීම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ප්‍රතික්ෂේප කැරිණි. විරෝධ තා දැක්වීම සඳහා අග විනිසරුවරියට සති හයක කාලයක් ඉල්ලූ නමුත් එය ද ප්‍රතික්ෂේප විය ඇයට ලැබුණේ සතියක කාලයක් පමණී. ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා, ජනාධිපති නීතිඥ නලින් ලද්දුව හෙට්ටි, නීලකන්දන් කන්දයියා, සාලිය පීරිස් අතුළු නීතිඥවරු හත් දෙනෙක් අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටියහ. කමිටුවේ වැඩ කටයුතු කල් තැබීමෙන පසු අග විනිසුරුවරිය ඇගේ නීතිඥවරුන සමග මන්ත්‍රී දොරටුවෙන් පිටවී ගියාය.