(අජන්ත කුමාර අගලකඩ)
ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා නාමයෝජනා මණ්ලඩයක් පත් කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එහි සභාපති මහාචාර්ය ජී.එල්.පිරිස්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන් සහ සන්ධානයට සම්බන්ධ සෙසු පක්ෂවල නායකයන් ද එම නාම යෝජනා මණ්ඩලයට පත්කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 10 ක එකතුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ඉකුත් දා පිහිටුවනු ලැබීය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා නව සන්ධානයේ නායකයා ලෙස ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි සභාපති ලෙසද හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මහලේකම් ලෙස ද, දයාසිරි ජයසේකර සහ විමල් වීරවංස යන මහත්වරු එහි ජාතික සංවිධායකවරුන් ලෙස ද පත්ව සිටිති.
දිනේෂ් ගුණවර්ධන මහතා නව සන්ධානයේ නියෝජ්‍ය සභාපති ලෙසත්, මහින්ද අමරවීර මහතා නියෝජ්‍ය මහලේකම් ලෙසත් කටයුතු කරන අතර උදය ගම්මන්පිල මහතා උප ලේකම් ලෙස කටයුතු කරයි.

