ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වූහාන් යයි


(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව  චීනයේ  වූහාන් නුවර  රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (31)  දින සවස කටුනායක ගුවන් තොටුපළෙන් චීනයේ වූහාන් බලා පිටත්ව ගියේය .
 
 අද (31)  දින පස්වරු 3.45 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1422 දරණ විශේෂ ගුවන් යානය වූහාන් බලා  කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .
 
 එම ගුවන් යානය ඒ.- 330 - 243 එයා බස් වර්ගයේ ගුවන් යානයකි .මෙම ගුවන් යානය අද (31)  දින රාත්‍රී 11.23 ට චීනයේ වූහාන් ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට නියමිතය .