ශ්‍රී ලංකාවේ ඇමැති මණ්ඩලය ගිනස් පොතට


ලෝකයේ විශාලතම ඇමැති මණ්ඩලයක් ඇත්තේ ශ්‍රී ලංකාවේ බව ගිනස් වාර්තා වෙබ් අඩවිය සඳහන් කරයි.

එම වෙඩ් අඩවියට අනුව 2005 නොවැම්බර මස දිවුරුම් දුන් ඇමැති මණ්ඩලයට කැබිනට් ඇමැතිවරු පනස් දෙදෙනෙක් ඇතුළත් වූහ.

එය ලොව එක් රටක වැඩිම ඇමැති මණ්ඩලය ලෙස ගිනස් පොතේ දැක්වේ.

ඉන් පසුව ද වරින් වර ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දී ඇත.

තවත් නියෝජ්‍ය ඇමැතිවරුන් නව දෙනෙක් පසුගිය 10 වැනි දා ජනපති ඉදිරියේ දිවුරුම් දුන්හ.