ශ්‍රී ලංකාවටත් ස්වාභාවික ද්‍රව වායු බලාගාර පර්යන්තයක්


(නිමල කොඩිතුවක්කු)       
     
ඉදිරි සති කිහිපය තුළ ස්වාභාවික ද්‍රව වායු බලාගාර  පර්යන්තයක් කඩිනමින් ඉදිකිරිමට කටයුතු කරන බව  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය  මහතා පැවසීය.


මේ හේතුවෙන් තාප සහ ඉන්ධන බලාගාර වලට වැයවන රුපියල් බිලියන 35ක පමණ මුදලක් වාර්ෂිකව ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ශ‍්‍රවනාගාරයේ දී අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.


එහිදි අදහස් දැක්වූ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය  මහතා වැඩිදුරටත් මෙසේද කීය.


 ‘‘2020 වසර වනවිට අභියෝගය  සහ අර්බුදය කියන වචනය විදුලිබල ක්ෂේත‍්‍රයෙන් ඉවත් කිරිම අපේ ඉලක්කයයි. 


පුනර්ජනනිය බලශක්ති වලට  අමතරව  අපි කාලයක් තිස්සේ  සාකච්ඡා කළ ස්වාභාවික ද්‍රව වායු බලාගාර  කිහිපයක් මේ වර්ෂය තුළ ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා අපි  බලාපොරොත්තු වෙනවා.


මේ සම්බන්ධයෙන් අපි ඉන්දියාව,  ජපානය, චීනය ආදී රටවල් සමඟ වසර ගණනාවක් තිස්සේ  සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස අපිට ඉදිරි  මාස කිහිපය තුළ මේ කටයුතු බොහෝමයක් ආරම්භ කරන්න පුළුවන් වෙනවා.


ඒ වගේම ස්වාභාවික ද්‍රව වායු බලාගාර  පර්යන්තයක් නොමැති විමත් අපිට තියෙන ලොකුම ගැටටලූවක් තමයි. මෙගාවෝට් 650ක් පමණ ක‍්‍රියාකත්මක කරන්න පුළුවන් ස්වාභාවික ද්‍රව වායු බලාගාර දැනටමත් අපිට තියෙනවා.  ඒත් අපිට ඒවා පවත්වාගෙන යන්න පර්යන්තයක්  නැහැ.