ශ්‍රී ලංකාවට වසර 3 කට පසු ටෙස්ට් තරගාවලි ජයක්
ශ්‍රී ලංකා පිල පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලිය 1.0 කින් ජය ලබමින් වසර තුනකට ආසන්න කාලයකට පසුව ටෙස්ට් තරගාවලියක ජය ලැබීමට අද (12) සමත් විය. ශ්‍රී ලංකාව අවසන් වරට 2009 වසරේ අගෝස්තු මස නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලිය 2.0 කින් ජය ලැබීමෙන් පසුව තරගාවලි 8 කට සහභාගි වූවද ජය ලැබීමට අපොහොසත් විය.
කුමාර් සංගක්කාර මෙම තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය. පාකිස්තානු පිතිකරු අෂාද් ශාෆීක් තෙවැනි තරගයේ වීරයා බවට පත්විය.

