ශ්‍රී ලංකාව ‘බෝනියෝ සෙවන්ස්’ බඳුන ශූරතාව දිනයි
ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල දැන් පැවැත්වෙන ‘බෝනියෝ සෙවන්ස්’ ආසියානු කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේ ‘බඳුන’ ශූරතාව දිනාගැනීමට සමත් වූහ. ‘බඳුන’ ශූරතා අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 19-12 කින් මැලේසියාව පරාජය කිරීමට සමත් වූහ.

