ශ්‍රී ලංකාව ලකුණු 294කට දැවී යයි


ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර සිඞ්නිහිදී අද (03 වැනිදා) ආරම්භ වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සියලූ දෙනා දැවී ලකුණු 294 ක් රැස්කළේය.
ළහිරු තිරිමාන්න (91) සහ මහේල ජයවර්ධන (72) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.  
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම  ඕවර 87.4 කදී සියලූ දෙනා දැවී 294 (තිලකරත්න ඩිල්ෂාන් 34, මහේල ජයවර්ධන 72, ළහිරු තිරිමාන්න 91, තිලාන් සමරවීර 12, ඇන්ජලෝ මැතිව්ස් 15, දිනේෂ් චන්දිමාල් 24, නුවන් ප‍්‍රදීප් නොදැවී 17, මිචෙල් ස්ටාක් 71/3, ජැක්සන් බර්ඞ් 41/4, පීටර් සිඞ්ල් 46/2)