ශ්‍රී ලංකාව ලකුණු 111 ක් ඉදිරියෙන්


ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (10) ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා ලකුණු 337 ක් රැස්කරමින් ලකුණු 111 ක් ඉදිරියට පැමිණීමට සමත් විය. තිසර පෙරේරා පන්දු 86 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 75 ක් රැස්කරමින් සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ පළමු අර්ධ ශතකය වාර්තා කළේය. පාකිස්තානය පළමු ඉනිම  ඕවර 72.5 කදී සියලූ දෙනා දැවී 226 ශ්‍රී ලංකාව  ඕවර 100.2 කදී සියලූ දෙනා දැවී 337 (තරංග පරණවිතාන 75, තිලාන් සමරවීර 73, තිසර පෙරේරා 75, ප‍්‍රසන්න ජයවර්ධන 20, නුවන් කුලසේකර 33, යුනයිඞ් ඛාන් 70/5, සයිඞ් අජ්මාල් 66/3)