ශ්‍රී ලංකාව රුසියානුවාගේ තෙලිතුඩින්


1930 සිට 1940 දක්වා ශ්‍රී ලංකාවේ ජීවත්වූ රුසියානු ජාතික චිත්‍ර ශිල්පියෙකු වන ඇලෙක්සැන්ඩර් ඩිමිත්‍රිවිච් සොෆ්රනොෆ් විසින් නිර්මාණයකල අගනා  චිත්‍ර 38 ඇතුළත් චිත්‍ර ප්‍රදර්ශනයක් ලන්ඩන් නුවර රුසියානු ප්‍රජා මධ්‍යස්ථානයේ  පැවැත්වේ.

බ්‍රිතාන්‍යයේ රුසියන් තානාපති කාර්යාලයේ පුර්ණ සහයෝගයෙන් ශිවන්ති ගුණසේකර සමඟ රජීව් ගුණවර්ධන මෙම ප්‍රදර්ශනය සංවිධානය කළේය.

සොෆ්රනොෆ් විසින් ශ්‍රී ලංකාවේ සිටි කාලය තුල නිර්මායකළ මෙම ප්‍රදර්ශනයට ඇතුළත් කරනු ලැබීය.

ප්‍රදර්ශනය විවෘත්ත කල අවස්ථාවේදී එහි පැමිණ සිටි පිරිස පිළිගනිමින් රජිව් ගුණවර්ධන පැවැසුවේ මෙම රුසියානු ජාතික චිත්‍ර ශිල්පියා පිළිබඳව දැනගැනීමට ලැබී ඇත්තේ මෑතකදී බවත් ඔහුගේ චිත්‍ර ලන්ඩන් නුවරදී ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාවක් සලසාදීම පිළිබඳව බ්‍රිතාන්‍යයේ රුසියන් තානාතිපති ඇලෙක්සැන්ඩර් යකොවෙන්කෝ මහතාට සහ රුසියන් ප්‍රජා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයාටත් ස්තුතිකිරීමට ද අමතක නොකෙළේය.

ප්‍රදර්ශනය සඳහා තබා ඇති චිත්‍ර අතර මීට වසර අසූවකට පෙර පිට කොටුව පොදු වෙළඳපොල, තේවතු සහ මුහුඳු තීරය ඇතුලත් ශ්‍රී ලංකාවේ විවිධ තැන්වල දර්ශන පෙන්වන නිර්මාණ ඇතුළත්වෙයි.

ප්‍රදර්ශනයෙහි අඩංගු එක් චිත්‍රයක් වන්නේ වයස අවුරුදු අටක දරුවෙකුගේ ප්‍රතිමුර්තියකි. එදා එම චිත්‍රයක් සඳහා පෙනීසිටි මේරි රෝස් නැමත්තියද එම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටීමද විශේෂයත්වයකි.