ශ්‍රී ලංකාව කඩුලූ 6 ට 220 යි


ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (10) තේ විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 220 ක් රැස්කර සිටියේය. ක‍්‍රීඩාව නතර කරන විට ප‍්‍රසන්න ජයවර්ධන සහ තිසර පෙරේරා පන්දුවට පහර දෙමින් සිටියහ. පාකිස්තානය  ඕවර 72.5 කදී 226 ශ්‍රී ලංකාව  ඕවර 75 කදී කඩුලූ 6 ට 220 (තරංග පරණවිතාන 75, තිලාන් සමරවීර 73, යුනයිඞ් ඛාන් 51/3)