ශ්‍රී ලංකාව 3-0 කින් මාලදිවයින පරදවයි


ලෝක කුසලාන වොලිබෝල් තරගාවලියට (2014) සුදුසුකම් ලැබීමේ මධ්‍යම ආසියානු කළාපීය වොලිබෝල් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී අද (03) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා පිල වට 3-0 ක ජයක් ලැබීය.

ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ 25/19, 25/12 සහ 25/23 ක් ලෙස තරග වට තුන ජය ලැබීමට සමත් වූහ.

පළමු දිනයේ දෙවැනි තරගයේදී ඉන්දීය පිල වට 3-0 කින් පාකිස්තානය පරාජය කළේය.