බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන ‘සෙල්කොන්’ කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව සුදුසුකම් ලැබූහ. සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
අවසන් මහ තරගය ටි‍්‍රනිඩෑඞ්හි ක්වින්ස් පාක් ඕවල් ක‍්‍රීඩාංගණයේදී හෙට (11) ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 7.00 ට ආරම්භ වීමට නියමිතය.
ටි‍්‍රනිඩෑඞ්හි ක්වින්ස් පාක් ඕවල් ක‍්‍රීඩාංගණයේදී අද (10) අඵයම අවසන් වූ පළමු වටයේ අවසන් තරගයෙන් ශ‍්‍රී ලංකාවට එරෙහිව ලකුණු 81 ක (ඩක්වත් ලූවිස් න්‍යායට) ජයක් ලැබූ ඉන්දීය පිල ප‍්‍රසාද ලකුණු 10 ක් ලබා පළමු ස්ථානය හිමිකර ගත්තේය.
ශ‍්‍රී ලංකාව (0.348) සහ බටහිර ඉන්දීය කොදෙව් පිල (-0.383) ප‍්‍රසාද ලකුණු 9 ක් බැගින් ලබා සිටිය ද, ශුද්ධ ලකුණු වේගය අනුව ශ‍්‍රී ලංකාවට දෙවැනි ස්ථානය හිමිවිය.
මෙම තරගයට වර්ෂාවෙන් බාධා පැමිණෙන විට පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 29 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 119 ක් රැුස්කර සිටියේය. ඒ අනුව ශ‍්‍රී ලංකා පිලට ජයග‍්‍රහණය ස`දහා ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ඕවර 26 කදී ලකුණු 178 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය.
වේගපන්දු යවන බුවනේෂ්වර් කුමාර්ගේ (8/4) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශ‍්‍රී ලංකා පිල ඕවර 24.4 කදී ලකුණු 96 කට සීමා විය.
ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ඉන්දීය පිලට ආරාධනා කළේය.
ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දු යැවීම හමුවේ ශීකර් දාවන් (15) දැවී යෑමෙන් පසුව රෝහිත් ශර්මා සහ විරාට් කෝලි දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.
වර්ෂාව හේතුවෙන් තරග තාවකාලිකව අත්හිටුවන විට රෝහිත් ශර්මා පන්දු 83 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 48 ක් ලබා සිටියේය.
රංගන හේරත් දක්‍ෂ පන්දු යැවිමක නිරත වෙමින් ලකුණු 32 කට කඩුලූ 2 ක් දවා ගත්තේය. දිනේෂ් කාර්තික් දවා ගැනීමට රංගන හේරත් යැවූ පන්දුව මෙහිදී විශේෂයෙන් කැපී පෙනුණි. ඇන්ජලෝ මැතිව්ස් (5/1) සහ ලසිත් මාලිංග (7/0) පාලනයකින් යුතුව පන්දු යැවූහ.
වේග පන්දු යවන ක‍්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ 2005 වසරේ නොවැම්බර් මාසයෙන් පසුව එනම් වසර 8 කට ආසන්න කාලයකට පසුව මෙම තරගයේදී එක්දින අන්තර්ජාතික තරගයකට ක‍්‍රීඩා කළේය.
ලකුණු පුවරුව
ඉන්දියාව
රෝහිත් ශර්මා - නොදැවී 48
ශිකර් දාවන් - ඇ. මහේල ජයවර්ධන ප. ඇන්ජලෝ මැතිව්ස් 15
විරාට් කෝලි - ක. මූ. කළා ප. රංගන හේරත් 31
දිනේෂ් කාර්තික් - ප. රංගන හේරත් 12
සුරේෂ් රයිනා - නොදැවී 4
අතිරේක 9
එකතුව ඕවර 29 යේදී කඩුලූ 3 ක් දැවී 119
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ : මුරලි විජේ, රවින්ද්‍ර ජඬේජා, රවිචන්ද්‍රකුමාර් අෂ්වින්, බුවනේෂ්වර් කුමාර්, ඉෂාන්ත් ශර්මා, උමේෂ් යාදේව්
කඩුලූ වැටීම :
1-27(ශීකර් දාවන්), 2-76(විරාට් කෝලි), 3-111(දිනේෂ් කාර්තික්)
පන්දු යැවීම :
ශාමින්ද එරංග: 6-0-27-0, දිල්හාර ලොකුහෙට්ටිගේ: 8-0-40-0, ඇන්ජලෝ මැතිව්ස්: 5-1-05-1, ලසිත් මාලිංග: 3-1-07-0, රංගන හේරත්: 6-0-32-2, ජීවන් මෙන්ඩිස්: 1-0-04-0
ශ‍්‍රී ලංකා
උපුල් තරංග - ඇ. රයිනා ප. කුමාර් 6
මහේල ජයවර්ධන - ඇ. විජේ ප. කුමාර් 11
කුමාර් සංගක්කාර - ක.මු.කළා ප. කුමාර් 0
දිනේෂ් චන්දිමාල්- ස්ට. කාර්තික් ප. ජදේජා 26
ළහිරු තිරිමාන්න - ඇ. කෝලි ප. කුමාර් 0
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. කාර්තික් ප. ජදේජා 10
ජීවන් මෙන්ඩිස් - ප. අශ්වින් 13
දිල්හාර ලොකුහෙට්ටිගේ - ඇ. කාර්තික් ප. ඉෂාන්ත් ශර්මා 6
රංගන හේරත් - ඇ. විජේ ප. ඉෂාන්ත් ශර්මා 4
ශමින්ද එරංග - නොදැවී 2
ලසිත් මාලිංග - ඇ. ජදේජා ප. යාදව් 7
අතිරේක 11
එකතුව ඕවර 24.4 කදී සියළු දෙනා දැවී 96
කඩුලු වැටීම:
1-14, 2-14, 3-27, 4-31, 5-56, 6-63, 7-78, 8-84, 9-87, 10-96
පන්දු යැවීම:
බුවනේශ්වර් කුමාර් : 6-1-8-4, උමේෂ් යාදව් : 4.4-0-28-1, ඉෂාන්ත් ශර්මා : 4-0-17-2, රවින්ද්‍ර ජදේජා : 5-0-17-2, රවිචන්ද්‍රන් අශ්වින් : 5-0-20-1