ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 161 ක පරාජයක්
සිම්බාබ්වේ නිල නොවන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (13) හරාරේහිදී පැවැති පළමු තරගයේදී දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල ලකුණු 161 කින් ශ්‍රී ලංකා ‘ඒ’ පිල පරාජය කිරීමට සමත් විය.
දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 269 (රීෂා හෙන්ද්‍රික්ස් 87, ජස්ටින් ඔන්ටොන්ග් 75, තරංග ලක්‍ෂිත 62/4)
ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඕවර 28.2 කදී 108 (දිමුත් කරුණාරත්න 23, ඩිල්රුවන් පෙරේරා 13, කනිෂ්ක ඇල්විටිගල 27, ආර්. ක්ලෙන්වෙන්ට් 15/3, වේන් පර්නෙල් 10/3)

