ශ්‍රී ලංකා ‘ඒ’ කඩුලූ 8 කින් සිම්බාබ්වේට පරාජය වෙයි


සිම්බාබ්වේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ හරාරේහිදී අද (19) පැවැති තරගයේදී සත්කාරක සිම්බාබ්වේ ‘ඒ’ පිල කඩුලූ 8 කින් ශ්‍රී ලංකා ‘ඒ’ පිල පරාජය කිරීමට සමත් විය. සිම්බාබ්වේ පන්දු යවන්නෝ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 81 කට සීමා කිරීමට සමත් වූහ. සිම්බාබ්වේ ජාතික කණ්ඩායම නියෝජනය කරන දකුණතින් වේග පන්දු යවන එල්ටන් චිකුම්බුරා කඩුලූ 6 ක් දවා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ‘ඒ’ පිල  ඕවර 26 කදී සියලූ දෙනා දැවී 81 (උදාර ජයසුන්දර 15, සචිත‍්‍ර සේරසිංහ 17, එල්ටන් චිකුම්බුරා 24/6) සිම්බාබ්වේ පිල  ඕවර 18.4 කදී කඩුලූ 2 ට 83 (විසි සිබන්ඩා නොදැවී 43, ක්‍රොග් එර්වින් නොදැවී 21, නුවන් ප‍්‍රදීප් 31/2)