මේ මස 20 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වන එක්දින තරග 5 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත සංචාරයට ඬේල් ස්ටෙයින් එක් නොවූවද තවත් ඉහළම පෙළේ වේග පන්දු යවන්නකු වන මෝනි මෝකල් ඇතුළත් වී සිටී.
ශී‍්‍ර ලංකාවට පැමිණෙන දකුණු අපි‍්‍රකානු එක්දින පිලේ නායකයා ලෙස ඒ. බී. ඩිවිලිය(ර්)ස් ද, විස්සයි20 පිලේ නියකයා ලෙස ෆෆ් ඩූ ප්ලෙසීද කටයුතු කරති.
දකුණු අප‍්‍රිකානු පිල සහභාගි වූ අවසන් එක්දින තරගාවලිය වන ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ගිය මෝර්නි මොර්කල් තරගාවලිය අතරමගදී තුවාල ලැබීම නිසා ආපසු දකුණු අපි‍්‍රකාවට ගියේය. මොර්කල් එක්දින අන්තර්ජාතික තරග 61 කදී කඩුලූ 104 ක් ද, විස්සයි20 අන්තර්ජාතික තරග 31 කදී කඩුලූ 39 ක් ද, දවාගෙන තිබේ.
මෙම සංචාරයේ පළමු එක්දින තරගය ජූලි මස 20 වැනිදා කොළඹදී පැවැත්වෙන අතර විස්සයි20 තරගාවලිය අගෝස්තු මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා පැවැත්වේ.
දකුණු අප‍්‍රිකානු එක්දින සහ විස්සයි20 සංචිතවලට ඇතුළත් ක‍්‍රීඩකයෝ:
ඒ. බී. ඩිවිලිය(ර්)ස් (නායකයා), හෂීම් අම්ලා, ෆර්හාන් බෙහාර්ඞීන්, කුයිටන් ඞී කොක්, ෆෆ් ඩූ ප්ලෙසී, ජේ. පී. ඩුමිනි, කොලින් ඉන්ග‍්‍රම්, රොරී ක්ලීන්වෙල්ඞ්, රයන් මැක්ලරන්, ඬේවිඞ් මිලර්, මෝනි මොර්කල්, ක‍්‍රිස් මොරිස්, ඇල්විරෝ පීටර්සන්, රොබින් පීටර්සන්, ඒරන් පැංගිසෝ, ලොන්වාබෝ සොත්සෝබි
දකුණු අප‍්‍රිකානු විස්සයි20 සංචිතයට පමණක් ඇතුළත් ක‍්‍රීඩකයෝ:
හෙන්ද්‍රි ඬේවිඞ්ස්, වේන් පර්නෙල් සහ ඬේවිඞ් විසි