ශ්‍රී ලංකා සංචාරයට තෙන්ඩුල්කාර් නෑ
ශ්‍රී ලංකාවට එරෙහිව මේ මස 22 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කර ඇති ක‍්‍රීඩකයන් 15 දෙනකුගෙන් යුත් ඉන්දීය සංචිතයට සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ඇතුළත්ව නැත.
ලෝක ටෙස්ට් සහ එක්දින ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වන තෙන්ඩුල්කාර් විවේක ගන්නා ඇති බව ද වාර්තා වේ.
ඉන්දීය සංචිතය:
මහේන්ද්‍ර සිං දෝනි (නායක), විරේන්ද්‍ර සෙවැග්, විරාට් කෝලි, ගෞතම් ගාම්බීර්, රවිචන්ද්‍රකුමාර් අෂ්වින්, උමේෂ් යාදේව්, අශෝක් ඩින්දා, සුරේෂ් රයිනා, විනෙයි කුමාර්, රෝහිත් ශර්මා, ප‍්‍රගයන් ඕජා, අජික්යා රහනි, මනෝජ් තිවාරි, රාහුල් ශර්මා සහ සහීර් ඛාන්.

