ශ්‍රී ලංකා වෙඩි තැබීමේ ක‍්‍රීඩක මංගල හෙට යළි තරග බිමේ
ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ මීටර 50 බිම දිගාවී වෙඩි තැබීමේ ඉසව්වට ශ්‍රී ලංකා කී‍්‍රඩක මංගල සමරකෝන් හෙට (3) සහභාගිවේ. මංගල, සහභාගිවන සුදුසුකම් ලැබීමේ වටයේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 1.30 ට පැවැත්වීමට නියමිතය.
මෙම ඉසව්ව සඳහා ක‍්‍රීඩකයෝ 61 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. තරගාවලියේ මීටර 10 වායු පිස්තෝල ඉසව්වට ද සහභාගි වු මංගල එහිදී 45 වැනි ස්ථානයට පත්විය.

