ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් තරගාවලියේදී නඩරාජා තංගරාජා ශූරතාව රැකගනියි


ශ්‍රී ලංකා ආධුනික ගොල්ෆ් ක‍්‍රීඩා සංගමය සංවිධානය කළ 125 වැනි ශ්‍රී ලංකා විවෘත ආධුනික ගොල්ෆ් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නඩරාජා තංගරාජා සමත්විය. තංගරාජා ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාව පිට පිට දිනාගත් දෙවැනි අවස්ථාව මෙයයි. ලෝකයේ දෙවැනි පැරණිතම ගොල්ෆ් කී‍්‍රඩාංගණය වන කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩා සමාජ පිටියේදී මෙම තරගාවලිය පැවැත්විණ. ලෝකයේ දෙවැනි පැරණිතම ගොල්ෆ් තරගාවලිය ලෙෂ සැලකෙන්නේද මෙම තරගාවලියයි. අවසන් තරගය සම්පුර්ණ තරග වට දෙකකින් පැවැති අතර එහිදී බංග්ලාදේශයේ මොහොමඞ් දුලාල් පරදවා ශී‍්‍ර ලංකාවේ නඩරාජා තංගරාජා ජය ලැබීය. ශ්‍රී ලංකා ආධුනික කාන්තා ගොල්ෆ් තරගාවලියේ (2012) ශූරතාව ඉන්දිය ක‍්‍රීඩිකා ගුර්සිමාර් බඞ්වාල් දිනාගත් අතර ජැකී ඩයස් අනුශූරතාව දිනා ගත්තාය. ඉන්දියාව, අන්තර්ජාතික කාන්තා කණ්ඩායම් ඉසව්වේ ශූරතාව දිනා ගත්තේය. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සියා උල් හක් කුසලානය සඳහා පැවැති අන්තර්ජාතික තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා පිල ජය ලැබීය. තන්ගරාජා සහ එන්. රංගා ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් පහර 287 කින් තරගය නිම කළහ. අනුශූරතාව හිමිකරගත් පාකිස්තානු කී‍්‍රඩකයන් දෙදෙනාට ඒ සඳහා පහර 305 ක් ගැසීමට සිදුවිය. වාර්ෂික තරගයක් වන පාලකිමේඩි කුෂලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා ‘බී’ පිල නියෝජනය කළ එම්. ආරුමුගම් සහ සිසිර කුමාර දෙදෙනා, පහර 285 කින් තරගය නිම කරමින් ශූරතාව දිනාගත්හ. ප‍්‍රවීණයන්ගේ පිරිමි ඉසව් දෙකම ජය ගැනීමට ජී. හැරිසන් සමත්විය. සුමිත‍්‍රා උක්වත්ත සහ එස්. සෙල්වරත්නම් ප‍්‍රවීණයන්ගේ කාන්තා ඉසව් ජය ලැබුහ. ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, මැලේසියාව සහ ඇෆ්ගනිස්තානයෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගි වු මෙම තරගාවලිය ලොව දෙවැනි පැරැුණිතම ගොල්ෆ් ශූරතාවලිය ලෙස වාර්තා අතරට එක්වේ. තරගාවලියේ ත්‍යාග ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රදානය කෙරිණ.