ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති දිවියට සමුදෙයි


(විනීතා එම් ගමගේ සහ ප්‍රින්ස් රත්නායක)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා (61 කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී ඊයේ (03) අභාවප්‍රාප්ත විය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ධූරයට 2019 වර්ෂයේ දෙසැම්බර් මස පත් වූ ඒ මහතා ඊට පෙර ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ උප සභාපති ලෙස ද, ජාතික රක්ෂණ සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක ලෙස ද කටයුතු කර තිබේ.

රත්නපුර ශ‍්‍රී සුමන සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙසද ඔහු කලක් කටයුතු කලේය.

දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සොයුරෙකු වූ ක්ලිෆර්ඩ්‍ රත්වත්තේ මහතාගේ පුත්‍රයෙක් වූ කමල් රත්වත්තේ මහතා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි