ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 195 ක ජයක්
වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහ නැමීබියා පිල අතර අද (13) බි‍්‍රස්බේන්හිදී පැවැති ‘ඞී’ කාණ්ඩයේ තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයෝ ලකුණු 195 ක පහසු ජයක් ලැබූහ.
ශ්‍රී ලංකා පිතිකරු ජේසන් පෙරේරා පන්දු 84 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 69 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 298 (ජේසන් පෙරේරා 69, පබසර වඩුගේ 39, නිරෝෂන් දික්වැල්ල 38, සඳුන් වීරක්කොඩි 50, ළහිරු මධුසංඛ 45, ඉසෙඞ්. ග්‍රෙනවොල්ඞ් 49/3)
නැමීබියා පිල ඕවර 35 කදී සියලූ දෙනා දැවී 103 (වෑන් වොරන් 38, ජී. එන්ස්මුස් නොදැවී 26, අමිල අපෝන්සු 17/2, තරිඳු කෞෂාල් 19/2, ළහිරු මධුසංඛ 15/4)

