ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිල ඉන්දියාවට පරාජය වෙයි
ඕස්ටේ‍්‍රලියාවේදී මේ මස 11 වැනිදා ආරම්භ වන වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර අද (07) බි‍්‍රස්බේන්හිදී පැවැති පුහුණු තරගයෙන් ඉන්දීය ක‍්‍රීඩකයෝ ලකුණු 33 ක ජයක් ලැබූහ.
මෙහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් උප නායක ඇන්ජලෝ ජයසිංහ පන්දු 97 කදී හතරේ පහර හතරක් සමගින් නොදැවී ලකුණු 64 ක් රැස්කිරීමට සමත් විය.
ඉන්දීය පිල ඕවර 50 යේදී කඩුලූ 8 ට 191 (හනුමා විහාරි 64, විජේ සෝල් 43, රූෂ් කලාරියා නොදැවී 21, සනිත ද මෙල් 44/2, චමෝද් පතිරණ 13/2, ළහිරු මධුසංඛ 28/2)
ශ්‍රී ලංකා පිල ඕවර 45.5 කදී සියලූ දෙනා දැවී 158 (පබසර වඩුගේ 33, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 64, තරිඳු කෞෂාල් 16, කමල් පස්සි 34/3)

