ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් කණ්ඩායම පළමු වටයෙන්ම ඉවතට විසිවෙයි


ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිල  ඕස්ටේ‍්‍රලියාවේදී දැන් පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් විය. බංග්ලාදේශය සහ නැමීබියාව අතර අද (16) පැවැති පළමු වටයේ අවසන් තරගයෙන් බංග්ලාදේශය කඩුලූ 7 ක ජය ලැබීමත් සමග ශ්‍රී ලංකා පිල ‘සුපිරි අට’ වටයෙන් ඉවතට විසිවිය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල වසර 10 පසුව පළමු වටයෙන්ම ඉවත්වීම කැපී පෙන්. ශ්‍රී ලංකාව අවසන් වරට 2002 යොවුන් ලෝක කුසලානයේදී පළමු වටයෙන්ම ඉවතට විසිවී තිබේ. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර නවවැනි ස්ථානයේ සිට ශ්‍රේණිගත කිරිමේ තරගාවලියේ තරගය මේ මස 20 වැනිදා පැවැත්වේ.