ශ්‍රී ලංකා පිලේ නිලධාරියකු හීතෲ ගුවන්තොටේ රඳවාගෙන ප‍්‍රශ්න කරයි
බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නිමකර නැවත පැමිණෙමින් සිටි ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමණාකරුවකු එංගලන්තයේ හීතෲ ගුවන්තොටුපළේදී සිය ගමන් බලපත‍්‍රය සම්බන්ධයෙන් එහි බලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම්වලට ලක්වූ බව වාර්තා වේ. එහිදී රඳවා ගැනීම නිසා ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සමග පෙරළා ඔහුට දිවයිනයට පැමිණීමට නොහැකි වූ බවත් කෙසේ වුවත් පසුව වෙනත් ගුවන් යානයකින් ඔහු ශ්‍රී ලංකාවට පැමිණි බවත් දැනගන්නට ඇත.
මොහු ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කමිටුවක ඉහළ තනතුරක් දරණ නිලධාරියකු බව ද පැවසේ.
අදාල සිද්ධියේදී ශ්‍රී ලංකා නිලධාරියා සහ හීතෲ ගුවන්තොටුපළ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බව ද වාර්තා වේ.
පෙරළා පැමිණෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපළේ පැය 10 කට අධික කාලයක් රැදි සිටිය ද එහිදී ද ආදාල නිලධාරියා කණ්ඩායමට එකතු වීම සඳහා පැමිණ නොසිටි බව වාර්තා වේ.
මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසුවේ අදාල නිලධාරියාගෙන් හීතෲ ගුවන්තොටුපළේදී ප‍්‍රශ්න කිරීමක් කර ඇති බවත් පසුව වෙනත් ගුවන්යානයකින් ඔහු නැවත ලංකාවට පැමිණි බවත්ය.

