ශ්‍රී ලංකා පිලට කඩුලූ 9 ක ජයක්


ශ්‍රී ලංකා පිල සහ බටහිර ඉන්දිය කොදෙව් පිල අතර එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (13) පැවැති විස්සයි/20 ලෝක කුසලාන පෙර පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කඩුලූ 9 ක පහසු ජයක් ලැබුහ. බටහිර ඉන්දිය කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 132 (ජොන්සන් චාර්ල්ස් 30, ඩැරන් බ‍්‍රාවෝ 29, කිරාන් පොලාඞ් නොදැවී 28, නුවන් කුලසේකර 35/2, ඇන්ජලෝ මැතිව්ස් 7/1) ශ්‍රී ලංකා පිල ඕවර 15.4 කදී කඩුලූ 1 ක් දැවී 135 (ඩිල්ෂාන් මුණවීර 24, තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 50, මහේල ජයවර්ධන නොදැවී 57, රවී රාම්පල් 24/1)