ශ්‍රී ලංකා ක‍්‍රිකට් නායිකා ශෂිකලා ලෝක කුසලාන ප‍්‍රවර්ධනයට ඉන්දියාවට යයි
ශ්‍රී ලංකාවේදී ලබන සැප්තැම්බර් මස 18 වැනිදා ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රවර්ධන තානාපතිනිය වන ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධන ලෝක කුසලාන තරගාවලියේ ප‍්‍රවර්ධන වැඩසටහනකට සහභාගි වීම සඳහා මේ මස 23 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ප‍්‍රවර්ධන තානාපතිනිය ලෙස ශෂිකලා සිරිවර්ධන පත්කර ඇති අතර ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවක් මෙවැනි තනතුරකට පත්වූ පළමු අවස්ථාව ද මෙය වේ.

