ශ්‍රී ලංකා ක‍්‍රිකට් - සමර්සෙට් ගිවිසුම වසර 15 කට අඩු කරයි
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ශ්‍රී ලංකා ප‍්‍රීමියර් ලීග් 2012’ (එස්.එල්.පී.එල්.) විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේ සම්බන්ධීකරණ ආයතනය වන සමර්සෙට් ආයතනය සමග ගිවිසුම් කාලය වසර 15 ක් දක්වා අඩුකළ බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා පවසයි.
එස්.එල්.පී.එල්. තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් අද (14) පස්වරුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී පැවැති මාධ්‍යහමුවේදී සභාපතිවරයා එසේ පැවසීය.
සම්බන්ධීකරණ ආයතනය ලෙස ‘සමර්සෙට්’ ආයතනය සමග ගිවිසුමට එළඹීම පිළිබඳව ‘කෝප්’ කමිටුවෙන් චෝදනා එල්ල වී තිබූ බවට මාධ්‍යවේදීයකු නැගූ ප‍්‍රශ්නයට සභාපතිවරයා මෙසේ පැවසීය.
‘‘අපි ඒ පිළිබඳව සාකච්ඡා කර, පරණ ගිවිසුමේ කරුණු නිවැරදි කර ඉදිරියට යන්න අවසර ලැබුණා. මීට පෙර වසර 25 ක කාලයකට එළඹ තිබූ ගිවිසුම වසර 15 ක් දක්වා අඩු කළා, මේ අවස්ථාවේදී ගිවිසුමේ සියලූම කරුණු ඉදිරිපත් කරන්න බෑ’’ යැයි සභාපතිවරයා පැවසීය.
මෙම තරගාවලිය සංවිධානය කිරීමෙන් වසරකට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට සමර්සෙට් ආයතනය ඩොලර් ලක්‍ෂ තුනක් ගෙවන අතර එය වසරින් වසර 10% කින් වැඩි වන බවත් ඊට අමතරව ආදායමෙන් 50% ක් ලැබෙන බවත් එහිදී ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීහු පැවසූහ.

