ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ විස්සයි-20 පුහුණු තරග හෙට
විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙස සංචාරක නවසීලන්ත සහ ඕස්ටේ‍්‍රලියානු කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම් දෙකට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල හෙට (08) විස්සයි-20 පුහුණු තරග දෙකකට සහභාගි වීමට නියමිතය.
පළමු තරගය නවසීලන්ත පිලට එරෙහිව පෙරවරු 9.30 සිට පී. සරවනමුත්තු ක‍්‍රීඩාගණයේදී ද, දෙවැනි තරගය ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව පස්වරු 2.00 සිට එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී ද පැවැත්වීමට නියමිතය.

