ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට අන්තර්ජාතික තරගාවලි දෙකක්


ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල ලබන වසරේ (2013) පළමු මාස තුනේදී ප‍්‍රධාන තරගාවලි දෙකකට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා පිල ජනවාරි මස 26 වැනිදා සිට පෙබරවාරි මස 15 වැනිදා දක්වා ඉන්දියාවේ මුම්බායිහිදී පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීමට සූදානමින් සිටියි. ලෝක කුසලාන තරගාවලියෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල එක්දින තරග 5 කට සහ විස්සයි20 තරග 3 කට සහභාගි වීම සඳහා පෙබරවාරි මස 18 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.