ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල විස්සයි-20 තරගාවලියත් පරදී


සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව පැවැති තරග පහකින් සමන්විත විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලිය 1-3 ක් ලෙස පරාජයට පත්විය. ටි‍්‍රනිටෑඞ්හිදී ඊයේ (09) පැවැති පස්වැනි සහ අවසන් තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. මෙම සංචාරයේදී පැවැති එක්දින තරගාවලිය ද ශ්‍රී ලංකා පිල පරාජයට පත්විය. බටහිර ඉන්දීය කොදෙව් පිල  ඕවර 18.2 කදී කඩුලූ 5 ට 92 (ස්ටෙෆනි ටේලර් 25, ඞී. ඩොටි නොදැවී 52, චමනි සෙනෙවිරත්න 18/3, ශෂිකලා සිරිවර්ධන 5/2)