ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල තෙවැනි විස්සයි-20 තරගයත් පරාජය වෙයි


බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (06) පැවැති තෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල කඩුලූ 3 ක පරාජයක් ලැබීය. මෙම ජයග‍්‍රහණයත් සමග කොදෙව් පිල තරග 3-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණියේය. ශ්‍රී ලංකා පිල  ඕවර 16 කදී කඩුලූ 8 ට 77 (ප‍්‍රසාදිනී වීරක්කොඩි 15, දීපිකා රසාංගිකා 22, ශෂිකලා සිරිවර්ධන 12, එස්. ඩෙලි 17/2, එස්. මුන්රොයි 12/2, එස්. ටේලර් 16/2)බටහිර ඉන්දීය කොදෙව් පිල  ඕවර 15.1 කදී කඩුලූ 7 ට 80 (එස්. කැම්බල් 27, ශ්‍රීපාලි වීරක්කොඩි 23/3, චමනි සෙනෙවිරත්න 8/2)