ශ්‍රී ලංකා කඩුලූ පැන දිවීමේ ක‍්‍රීඩිකා ක‍්‍රිස්ටීන් නවවැනි ස්ථානයට පත්වෙයි


ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර 400 කඩුලූ පැන දිවිමේ කාන්තා ඉසව්වේ මූලික තරගයට ඊයේ (05) රාත‍්‍රි සහභාගි වූ ශ්‍රී ලංකා කඩුලූ පැන දිවීමේ ශූරිය වන ක‍්‍රිස්ටීන් සොනාලි මෙරිල් නවවැනි ස්ථානයට පත්වීම නිසා තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුවාය. ක‍්‍රීඩිකාවන් නව දෙනකු සහභාගි වූ පස්වැනි මූලික තරගය ක‍්‍රිස්ටීන් තත්පර 57.15 කින් නිම කළාය.