ශ්‍රී ලංකා 19 න් පහළ ක‍්‍රිකට් පිලට 9 වැනි ස්ථානය


ඕස්ටේ‍්‍රලියාවේදී දැන් පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ බි‍්‍රස්බේන්හි අද (24) පැවැති තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලූ 7 කින් ඇෆ්ගනිස්තාන් පිල පරාජය කිරීමට සමත්විය. මෙම ජයත් සමග ශ්‍රී ලංකා පිල තරගාවලියට සහභාගි වු කණ්ඩායම් 16 න් නව වැනි ස්ථානය ලැබීය. තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායක නිරෝෂන් දික්වැල්ල පන්දු 87 කදී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 76 ක් ලබා ගත්තේය. ඇෆ්ගනිස්තාන් යොවුන් පිල  ඕවර 50 කදී කඩුලූ 9 ට 194 (ජාවඞ් අහ්මඩි 23, හස්මතුල්ලා සායිදි 27, මොහිබුල්ලා පාක් 44, ළහිරු මධුෂංක 34/3, අමිල අපොන්සු 19/2) ශ්‍රී ලංකා යොවුන් පිල  ඕවර 39 කදී කඩුලූ 3 ට 196 (පබසර වඩුගේ 33, ෂෙහාන් ප‍්‍රනාන්දු 19, නිරෝෂන් දික්වැල්ල නොදැවී 76, ඇන්ජලෝ ජයසිංහ 23, සඳුන් වීරක්කොඩි නොදැවී 23)