ශ්‍රී ලංකා - ඉන්දියා විස්සයි-20 තරගය හෙට


සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර විස්සයි-20 ක‍්‍රිකට් තරගය හෙට (07) මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වේ. තරගය පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ දක්වා විස්සයි-20 තරග හතරක් පවත්වා ඇති අතර එහිදී දෙරට තරග දෙක බැගින් ජය ලබා තිබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2010 වසරේ මැයි මස විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශාන්ත ලූසියාහිදී අවසන් වරට පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලූ 5 ක ජයක් ලැබීය.