ශ්‍රී ලංකා - ඉන්දියා එක්දින තරගාවලියට වි.තී.වි. නෑ
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී විනිසුරු තීරණය විමසීමේ ක‍්‍රමවේදය (වි.තී.වි) භාවිත නොකරන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසීය.
‘‘අයි.සී.සී. නීතියට අනුව මෙම ක‍්‍රමය භාවිත කිරීමට තරග කරන රටවල් දෙකම එකඟ විය යුතුයි. නමුත් ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය දන්වා තිබෙනවා ඔවුන් මෙම ක‍්‍රමවේදය භාවිත කිරීමට අකමැති බව, ඒ නිසා භාවිත කරන්න බෑ’’ යැයි රණතුංග මහතා වැඩි දුරටත් පැවසීය.

