ශ්‍රී ලංකා - ඉන්දියා පුහුණු තරගය හෙට
ශ්‍රී ලංකාවේදී මේ මස 18 වැනිදා ආරම්භ වන සිවුවැනි විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර පුහුණු තරගය හෙට (15) පෙරවරු 9.30 සිට කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පළමු වරට සහභාගි වන අෆ්ගනිස්තාන් පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර පුහුණු තරගය හෙට (15) පෙරවරු 9.30 සිට කොළඹ මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

