ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරී-බිරිඳ අත්අඩංගුවට ගන්නැයි නීතිපති කියයි


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ නයෝමි විජේනායක යන අය මුල්‍ය විශුද්ධිකරණ චෝදනාව යටතේ වරෙන්තුවක් ගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.

2013 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගම එයාර් බස් ගනුදෙනුවේ දී සිදු වූවැයි කියන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළව මෙලෙස උපදෙස් ලබාදී ඇති බව නීතිපති සම්බන්ධීකාරක නිලධාරී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළාය.