ශ්‍රී ලංකන් ගුවන් සමාගම් සභාපතිගේ නිවස කැඩූ සැකකරුට ඇප
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ නිවසට ඇතුළු වී රුපියල් ලක්ෂ 90ක මුදල් හා භාණ්ඩ සොරා ගත්තැයි අත්අඩංගුවට ගත් සැකකාර ලසිඳු ගෝමස් රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් හා රුපියල් දසදහසක මුදල් ඇපයක් මත මුදා හරින ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය. රුපියල් ලක්ෂ 40 වටිනා රෙලෙක්ස් වර්ගයේ අත් ඔරලෝසුවක් හා රුපියල් ලක්ෂ 50ක පමණ විදේශ මුදල් සැකකරු සොරාගත් බව අධිකරණයේ දී කියැවිණි. එයින් අත් ඔරලෝසුව සහ මුදල්වලින් කොටසක් සොයාගත් බව අධිකරණයට දැන්වීය.සැකකරු මත්කුඩු බීමට ඇබ්බැහි වූවකු බව අධිකරණයේ දී කියැවිණි.

