ශ්‍රී ලංකන් ගුවන් සභාපතිගේ ගෙට හොරු පනිති
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති එස්. වික‍්‍රමසිංහ මහතාගේ ගල්කිස්ස සේරම් පාරේ නිවෙස බිඳ රුපියල් අසූලක්ෂයක බඩුමුට්ටු පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
රුපියල් තිස් ලක්ෂයක් වටිනා රොලෙක්ස් අත් ඔරලෝසුවක් ද, රුපියල් ලක්ෂ පනහක ඇමෙරිකා ඩොලර්, යුරෝ ආදී මුදල් ද සොරාගෙන ගොස් ඇත.
නිවැසියන් ගෙදර නොසිටි විටෙක ජනේල කවුළුවකින් ගෙට ඇතුළු වී ඇති බවත් පොලිසිය කියයි.

