ශ්‍රී ලංකන් ගුවන් සභාපතිගේ ගේ බින්ද හොරා අල්ලයි
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතාගේ ගල්කිස්ස නිවෙස ඉකුත් 8 වැනිදා බිඳ රුපියල් ලක්‍ෂ 80ක දේපොළ සොරාගත් සැකකරු රත්මලානේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ගල්කිස්ස වෙරලේ කෑම වෙළෙන්දකු බව කියන ඔහු 33 හැවිරිදිය. සොරාගත් ලක්‍ෂ 40ක රොලෙක්ස් අත්ඔරලෝසුව සහ විදේශ මුදල්වලින් කොටසක් දෙහිවල ධීවර නිවෙසක සඟවා තිබියදී සොයාගෙන ඇත. ඔහු මත්කුඩු බීමට ඇබ්බැහි වුවෙක් දැයි සොයන බව පොලීසිය කියයි.

