ශ්‍රී.පො.ජ.ස. නාම යෝජනා පත් සැකසීම මේ සතියෙන් අවසන්


( නාලක සංජීව දහනායක)
 
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නාම යෝජනා පත්‍ර සැකසීම මෙම සතියේදී අවසන් කරන බව එහි ජ්‍යෙෂ්ඨයෙක් ලංකාදීපයට අද (9) පැවැසීය
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නාමයෝජනා කමිටුව දිස්ත්‍රික් නායකයන් කැඳවමින් නාමයෝජනා පත්‍ර සකස් කරමින් සිටින බවද හෙතෙම කීය.
 
මහ මැතිවරණය සදහා තම සන්ධානය ලබන සතියේ සඳුදා හා අඟහාරුවාද දින දෙකෙහි නාමයෝජනා බාරදෙන බවද ඔහු පැවසීය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නාමයෝජනා පත්‍රයෙන් සියයට 30 ක කෝටාවක් ලබාදිය නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයෝ පිරිසක් පක්‍ෂ නායකත්වයට දැනුම්දී තිබෙන බවද වාර්තාවේ.