ශෂී වීරවංශට නොතීසි


(නිමන්ති රණසිංහ)

අවිධිමත් විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කළැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පවතින නඩුවකට පෙනී නොසිටි ශෂී වීරවංශ මහත්මියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (21) වරෙන්තු නිකුත් කළාය.

මෙම සිද්ධිට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී සැකකාර ශෂී වීරවංස මහත්මිය අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.