(එස්.එස්.එස්.ගුණරත්න)
පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අනුරාධපුර ස්නායු ශල්‍ය වෛද්‍යවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර තවත් සිසුවෙක් ගිරාදුරුකෝට්ට පොලිසිය මඟින් අද (22) අත්අඩංගුවට ගෙන තිබේ.
විශ්ව විද්‍යාල පරිශ්‍රයේ මහාමාර්ගය අසල සිය මෝටර් රථය නවතා සිටියදී සිසුන් පිරිසක් වෛද්‍යවරයාට පහරදී තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සිසුන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති.
අත්අඩංගුවට ගත් මෙම සිසුවා ගිරාදුරුකෝට්ට ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර පේරාදෙණිය පොලීසිය මගින් සිසුවා පිළිබඳව ගිරාදුරුකෝට්ට පොලීසියට ලබා දුන් තොරතුරු අනුව ඔහු පිළිබඳ විමසිල්ලෙන් සිටි පොලීසිය අද සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු හෙට (23) මහියංගණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

