(යොහාන් භාසුර)
වෛද්‍ය සේවාවට මෙතෙක් ලැබුණු ප්රතිලාභ සහ වරප්‍රසාද අත්තනෝමතික ලෙස කප්පාදු කිරීමෙන් ඇතිව තිබෙන ගැටලුව විසඳීමට පාලකයන් කඩිනමින් පියවර ගැනීමට අපොහොසත් වන්නේ නම් අවසානයේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට වුවද යොමුවීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අයවැය (2025) හරහා වැටුප් වැඩිවීමක් වුවද, වෛද්‍ය සේවාවටම ආවේණික සහ සුවිශේෂි වූ අමතර රාජකාරි දීමනාව ගෙවීමේ අගය අත්තනෝමතික ලෙස අඩු කිරීමේ තීරණයෙන් වෛද්‍යවරු තුළ බරපතල නොසන්සුන්තාවයක් නිර්මාණය වී ඇති බවත් මෙතෙක් ලැබූ සහ ලැබිය යුතු දීමනාවන් මෙලෙස අඩු කිරීම තුළ අයවැය ඔස්සේ යෝජිත වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන්ගේ වැටුපෙන් සැලකිය යුතු මුල්‍යමය අහිමිවීමක් වන බවත් එම සංගමය පවසයි.
අමතර රාජකාරි ක්‍රමය සහ අමතර රාජකාරි දීමනාව වෛද්‍යවරුන්ට පමණක් සුවිශේෂී සහ ආවේණික වූක් බව කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාවේ පැයකට ගෙවනු ලබන අගය අදාල ශ්‍රේණියේ මූලික වැටුපේ මධ්‍ය අගයෙන් 1/80 ක්ව පැවතිය ද එය මෙවර අයවැය හරහා එක්වරම මූලික වැටුපෙන් 1/120 දක්වා සියයට 50 කින් පමණ අඩු කර ඇති බව ද සඳහන් කරයි.
වෛද්‍යවරුන්ගේ නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20 අනුපාතයක පැවතිය ද එය අයවැයෙන් 1/30 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවත් මාසයක් පුරා වෛද්‍යවරුන් ඉරිදා සහ නිවාඩු දින කොතරම් ප්‍රමාණයක් සේවාවන් ඉටු කළ ද, ගෙවීම් සිදු කරනුයේ මසකට දින තුනක් සඳහා පමණක් බවත් එම සංගමය කියයි.
අයවැය යෝජනාවක් ලෙස වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනාවේ පැයකට ගෙවන අගය අසාධාරණ සහ අත්තනෝමතික ලෙස සියයට 50 කින් පහත හෙලීම තුළ මෙරට වෛද්‍යවරුන් අවම පහසුකම් මධ්‍යයේ රට පුරා අඛණ්ඩව සපයන රෝගී සත්කාර සේවාවන් අවතක්සේරු කිරීමක් බවත් සේවාවේ සුවිශේෂී බව නොසලකා හරිමින්, කිසිඳු පාර්ශවයක් සමඟ එකඟතාවයකින් තොරව මෙම දීමනාව අසාධාරණ සහ අත්තනෝමතික ලෙස සංශෝධනය කිරීම කිසිසේත් පිළිගත නොහැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මෙම තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් සහ සෞඛ්‍ය අමා්යවරයාගෙන් සාකච්ඡා ඉල්ලා ඇති බවත් එම අවස්ථා හැකිඉක්මණින් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එම සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.