චමිල් රූපසිංහ
පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී අනුරාධපුර මහ රෝහලේ සේවයේ නියුතු ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ යොහාන් කෝරළගේ මහතාට පහර දුන් බවට සැකකරන ශ්‍රාස්ත්‍ර පීඨයේ තවත් විශ්ව විද්‍යාල සිසුවෙකු අද (20) අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සිසුවා හෙට (21) හඳුනාගැනීමේ පෙරැට්ටුවක් සඳහා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මෙම පහර දීමේ සිද්ධියට සම්බන්ධව පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ශ්‍රාස්ත්‍ර පීඨයේ සිසුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර කර තිබේ.
පසුගිය 16 වැනි දා පේරාදෙණිය පොලිසිය විසින් තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන හෙයින් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීම නිසා ලබන 30 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික අත්තනායක මහතා නියෝග කළේය.
මෙම වෛද්‍යවරයාට පසුගිය 3 වැනිදා මෝටර් රථයෙන් යමින් සිටියදී අවශ්‍යතාවයක් සඳහා හිල්ඩා ඔබේසේකර ශාලාව අසල රථය නවතා තිබියදී විශ්ව විද්‍යාල සිසුන් ඔහුට පහර දී තිබේ.
මේ සම්බන්ධව වෛද්‍යවරයා විසින් පේරාදෙණිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පේරාදෙණිය පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.

