වෛද්‍ය සිසුවිය ඝාතනය කළ සෙබළා ගැන හමුදාවෙන් පරීක්ෂණ


(ඉන්දිකා රාමනායක)
යාපනය  විශ්ව විද්‍යාලයේ  විද්‍යාපීඨයේ  අවසන් වසරේ සිසුවියක වන රෝෂීනී කාන්චනා  (28) ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගෙන සිටි ඇගේ සැමියා වන  යුද හමුදා ලාන්ස් කෝප‍්‍රල් එරංග දිලිප් කුමාර (28) නැමැත්තා  සම්බන්ධයෙන් මුලික  පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව හමුදාව කියයි.

සෙබළා අයත්  රෙජිමේන්තුව විසින්  මෙම මුලික  පරීක්ෂණ ආරම්භ කර ඇති බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර්   චන්දන වික‍්‍රමසිංහ මහතා පැවසීය.

 මෙම සෙබලා පරන්තන් කදවුරේ රාජකාරි කරමින් සිටින අතරේ කදවුරෙන් කෙටි නිවාඩුවක් ලබාගෙන මෙම සිද්ධිය සිදුකර ඇති බවද  හමුදා ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම සෙබළා සම්බන්ධයෙන්   සිදුකරන පොලිස් විමර්ශන වලට අමතරව මෙම හමුදා පරීක්ෂණ ආරම්භ කර ඇති බවද හමුදා ප‍්‍රකාශවරයා  කියා සිටියේය.ඉදිරියේ දී ඔහුගේ සේවය මෙන්ම වැටුප් අත්හිටුවීමට නියමිතව ඇත.