(ඉන්දිකා රාමනායක)
සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය සිසුවා ලබන මස 5 වැනි දින දක්වා රිමාන්ඞ් බාරයට පත්කරන ලෙසට අතිරේක මහේස්ත‍්‍රාත් මංජුල රත්නායක මහතා අද (26) නියෝග කළේය.
එදිනට ඔහු හදුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත‍්‍රාත්වරයා නියම කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට නියම වුයේ උතුරු කටානේ පදිංචි රාගම වෛද්‍ය පීඨයේ පළමු වසරේ සිසුවෙකි.

